Thursday, January 14, 2010

මත් රකුසා පළවා හරිමු

මිනිස් දිවිය බෙහෙවින් සුන්දරය සුළු සුළු අඩුලුහුඩුකම් තිබුනද එය එතරම් ගැටළුවක් නොවේ. එහෙත් දැනුවත්ව හෝ නොදැනුවත් බව හේතුවෙන් මිනිස් ජිවිතය පරිහානිය කරා ගෙනයන්නේද මිනිසා විසින්මය.ඔවුන් තම දිවියට වටිනාකමක් එක් කරනවාට  වඩා ඔවුන්ගේ ජිවිතය පණ පිටින්ම විනාශය කරා ගෙනයාම ශෝකයට කරුණකි. මත්පැන්, මත් කුඩු ,ආදිය මගින් තරුණ දිවිය අකාලයේ මලිනවීමට සැලැස් වීම දඩුවම් ලැබිය යුතු වරදක් නොවන්නේද? බොහෝ දෙමව්පියන්ගේ නොකටයුතු හේතුවෙන් වර්තමානයේ වන්දි ගෙවනුයේද ඔවුන්ගේම දු දරුවන්මය.අනාගත පරපුර මෙවැනි දුසිරිත්වලින්මුදවා ගැනිමට අඩිතාලම දැමිය යුත්තේ දෙමව්පියන්මය.

කෙසේ වුවද ළමා කාලය බෙහෙවින් සුන්දරය. ජීවිතය යනු විදිය යුත්තක් මිස විදවිය යුත්තක් නොවේ.හෙට ලෝකය මල් මෙන් බබලන අනාගත දරු කැල සුරැකිම ඔබ සැමගේ යුතුකමකි.

[Via http://nisansalamaduwanthi.wordpress.com]

No comments:

Post a Comment